වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
අමරදේවයන්ගේ හා විමලාවන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරේ
නොවැම්බර් 10, 2022

වසර හයකට පෙර දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානාගාරයෙහි තැන්පත් කිරීම පසුගිය තුන් වෙනිදා සිදුකෙරිණි. අමරදේව පදනම මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සංවිධානය කර තිබුණි. ආචාර්ය නන්දා මාලිනී ප්රමුඛ කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.