විජය හිටියා නම් 77 යි

ඔක්තෝබර් 6, 2022

 

ලංකේය සිනමාවේ සදා නොමියෙන නොමැකෙන නාමය විජය කුමාරතුංගයන්ගේ 77 වැනි ජන්ම දිනය ඔක්තෝබර් 09 වැනිදාට යෙදී ඇත. ලාංකේය කලා කෙත සිය රංග ප්‍රතිභාවෙන් මෙන්ම ගායන ප්‍රතිභාවෙන්ද පෝෂණය කළ විජය කුමාරතුංගයන් මෙලොවින් සමුගෙන එළැඹෙන වසරේ පෙබරවාරී 16 වැනිදාට වසර තිස්පහක් සපිරේ.