දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඔක්තෝබර් 2, 2022

සම්මානනීය, කුසලතාපූර්ණ රංගවේදී දර්ශන් ධර්මරාජ් මහතා ඊයේ නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් පසුව ඉක්මනින් රෝහල් ගත කරද්දී අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහු 41 වෙනි වියෙහි පසු විය.

රක්වානේ උපත ලැබූ දර්ශන් , විවිධ දුෂ්කරතා මැද දුක දිනා කලාව ජයගත් කුසලතාපූර්ණ චරිතාංග නළුවෙකි .මචං චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු සිංහාවලෝකනය, ස්පන්දන, පෝරිසාදයා, සුනාමි ඇතුළු චිත්‍රපට රැසක රඟපෑ අතර නවතම චිත්‍රපටය වූ ප්‍රාණ ලබන සතියේ තිරගත වේ.

A 9 ටෙලි නාට්‍යයෙන් අරඹා ටෙලි නාට්‍ය රාශියක ද දර්ශන් රංගනයෙන් දායක වූයේය. ඒ මහතාගේ දේහය අද පස්වරු 7.00 සිට හෙට පස්වරු 3.00 දක්වා කොළඹ ජයරත්න මල්ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ තැන්පත් කොට තැබීමට නියමිත අතර ඉන්පසුව දේහය ඔහු උපන් ගමට රැගෙන ගොස් ලබන බදාදා පස්වරුවේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.