රාම් චරන් කැමැති නළුවා

සැප්තැම්බර් 29, 2022

රාම් චරන් තෙළිඟු සිනමාවේ ජනප්‍රියතම නළුවෙකි. මෑතකදී ඔහු දකින්නට ලැබුණේ එස්.එස් රාජමෞලිගේ RRR චිත්‍රපටයෙනි. පහළොස් වසරක සිනමා දිවියේ ලොව පුරා දැවැන්ත රසික පිරිසකගේ ආදරය භුක්ති විඳීන ඔහු නැරඹීමට කැමති චිත්‍රපට කාගේදැයි ඔබ දන්නවාද? ඔහු නමින් අජිත් කුමාර්ය. මේ බව හෙළි කර සිටියේ ඔහුගේ ආදරණිය බිරිය උපසනාය. කොලිවුඩයේ ඇය සහ රාම් චරන්ගේ ප්‍රියතම තරුව කවුදැයි උපසානා ගෙන් විමසූ විට ඇය පැවසූයේ "මම රජිනිකාන්ත්ගේ චිත්‍රපට බලන්න ආසයි. චරන් කැමැති අජිත් කුමාර්ගේ චිත්‍රපට බලන්නයි. අජිත් කුමාර් තමයි ඔහුගේ ප්‍රියතම තරුව" යනුවෙනි.

රාම් චරන්ගේ නවතම රංගනය දැක ගත හැකි වූ RRR චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය පමණක් නොව ඉන්දියානු සහ බටහිර විචාරකයන්ගේ පිළිගැනීමට ලක් වූ චිත්‍රපටයක් බවට පත් විය. එය ලබන වසරේ ඔස්කාර් සම්මාන උලෙළ නියෝජනය කරනු ඇති බව බොහෝ දෙනා මත පළ කළද ඔස්කාර් 2023 ඉන්දියාවේ නිල ප්‍රවේශය ලෙස තෝරා ගෙන තිබෙන්නේ ඛ්ඩඩඥතතධ ඉඩධඹ නම් ගුජරාටි චිත්‍රපටයකි. කෙසේ නමුත් RRR හට විවිධ කාණ්ඩ යටතේ තරඟ කරමින් ඇකඩමි සම්මාන උලෙළට පැමිණීමට අවස්ථාවක් තිබේ. RRR කතාපුවත ගෙතී තිබෙන්නේ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වූ කෝමරම් භීම් සහ අල්ලූරි සීතාරාම රාජු වටා ය. ජූනියර් එන්ටීආර් (නන්දමුරි තාරක රාම රාඕ), කෝමරම් භීම් ලෙසද රාම් චරන්, අල්ලූරි සිතාරාම රාජු ලෙසද චරිත නිරූපණය කරති.