හෑන්ඩ් ෆ්‍රී

සැප්තැම්බර් 29, 2022

පසුගිය දිනෙක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සැමරුම් වැඩසටහනක් ප්‍රංශ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ අතර එය ඇලියොන්ස් ෆ්‍රාන්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිතයන් රැසක් සහභාගි වුණා. මේදින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ වෑකන්ද වලව්ව චිත්‍රපටය ඔහුට උපහාරයක් ලෙස තිරගත වුණා. වෑකන්ද වලව්ව ට රංගනයෙන් එකතු වූ සනත් ගුණතිලක ද එයට එක් වි සිටීම විශේෂත්වයකි. මෙම උත්සවයට සංගීතා වීරරත්න ද සහභාගි වුණා. ඉර බැස යනවාත් සමඟම මෙතැනට පැමිණි කලාකරුවන් සියලු දෙනාගේ සිතේ තිබුණේ වැකන්ද වලව්ව නැරඹිමටයි. ඒත් සංගීතාට සහ සනත්ට ඕන වුණේ පෙර දිනයක ඇතිවුණු ගැටලුවක් විසඳා ගැනීමටයි. සනත් එතනදි කියූ කතාවෙන් කලබලයට පත්වූ සංගීතා සිය දුරකථනයෙන් ඇමතුමක් ගත් අතර ජංගම දුරකථනයෙ hand free  එකක් තමන්ගේ සවනකද අනෙක් hand free  එක සනත් ගුණතිලකයන් ගේ සවනේද රැදවුවාය. කුමක් හෝ මතුව තිබූ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට දෙන්නාටම හැකි වූණත් දෙන්නාගේ මුහුණු නම් රත් පැහැ ගැන්වී තිබෙනු දකින්නට ලැබුණා.