වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ප්‍රකට ගීත රචක හෙක්ටර් විජේසිරි සමුගනී

ගුවන් විදුලි සරල ගීත, චිත්‍රපට, වේදිකා නාට්‍ය ගීත ඇතුළුව ගීත විශාල ප්‍රමාණයක් රචනා කළ ප්‍රකට ගීත රචක හෙක්ටර් විජේසිරි මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.
ඔහු ධනපාල උඩවත්ත ගායන ශිල්පියාට පමණක් ගීත 43 ක් රචනා කර ඇත. ඒ අතර මා ආදරණීය මගේ අම්මා වෙතටයි, නෙළුම්විලේ නෙළුම් නෙළන, රෝසමලක් වගේ තිබුණ, ගින්දර පිටවෙන්නට තාරපාර, මැණිකේ නඟා, කළුවර බුරුත කඳන්, ඉන් කීපයක් වූ අතර, චන්ද්‍රලේඛා පෙරේරා ගායන ශිල්පිනිය ගැයූ කිරි අම්මාවරු දනට වඩිනවා, ඩෙස්මන්ඩ් ද සිල්වා ගැයූ විලිසොන් මාස්ටර්ගේ සර්පිනාව, රොහාන් ද සිල්වා ගැයු ආශා මල් පීදේ ගීතය ද ඇතුළුව ගීත රාශියක් ඔහු රචනා කොට ඇත. රෝදය, පෙම්මල් මාලා, අලිබබා සහ හොරු 40, හලෝ මයි ඩාලිං, රන්කෙවිට, සර් ලාස්ට් චාන්ස්, මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි ආදි චිත්‍රපට සඳහාද ඔහු ගීත ප්‍රබන්ධ කර ඇත.
අවසන් කටයුතු ඊයේ සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.