උත්කර්ශවයෙන් පැවැති කොරියානු චිත්‍රපට උලෙළ

සැප්තැම්බර් 29, 2022

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය, කොරියානු චිත්‍රපට කවුන්සිලය (ම්ධටඪජ) සහ එක්ව සංවිධානය කළ කොරියානු චිත්‍රපට උලෙළ පසුගිය සැප්තැම්බර් 23 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ශවයෙන් පැවැත්විණි. වාර්ෂිකව පවත්වනු ලබන මෙම උත්සවය කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසුව නැවත ආරම්භ කරන ලදී. කොරියානු චිත්‍රපට උලෙළ සැප්තැම්බර් 23 සිට 25 දක්වා දින තුනක් පැවැත්වූ අතර එහිදී කොරියානු චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය කෙරිණි. කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 45ක් මෙම වසරට සපිරෙන අතර සිනමා උලෙළ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ප්‍රවීණ රංගන ශිල්පිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ මහත්මිය සහභාගී වූහ. එසේම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කොරියානු තානාපති එච්. සන්තුෂ් වොන්ජින් ජියෝන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම අවස්ථාවට සහභාගී වූහ.