වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අර් ජුන්ගේ ආහාර ව්‍යාපාරය

අර් ජුන් කපූර් ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කළේ පසුගිය 2019 වසරේදීය. ෆුඩ් ක්ලවුඩ් (FoodCloud) නම් වූ එය කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඉන්දියාව පුරා සිටින කාන්තාවන් 10,000 හට ව්‍යවසායකයින් වීමට අවස්ථාව ලබා දුන්නේය. ආහාර බෙදා හැරීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඔවුන් හට ස්වයංපෝෂිත ව්‍යවසායකයින් වීමට උපකාර කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණු විය. සාර්ථකව දියත් කෙරුණු මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කෙරෙමින් පවතින අතර ෆුඩ් ක්ලවුඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය මෙහෙයුම් ආරම්භ කරන බව අර් ජුන් හෙළි කළේය.
"ඉන්දියානුවෙකු වශයෙන්, මගේ ව්‍යාපාරය ගෘහස්ථ සූපවේදීන්ට වැඩි අවස්ථා ලබා ගැනීම සඳහා ගෝලීය වේදිකාවක් බවට පත්වීම ගැන මම ආඩම්බර වෙමි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ව්‍යාප්ත කිරීමටත් එහි වෙසෙන ඉන්දියානුවන්ට ආහාර සැපයීමටත්, ඔවුන්ගේ මුල් මතකයන් සමඟ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙමු. එසේම අපේ දක්ෂ ගෘහ සූපවේදීන් ජාත්‍යන්තරයට යාම ගැන මම ආඩම්බර වෙමි". අර්ජුන් පැවසීය.