මංගල ඡායාරූපය

සැප්තැම්බර් 22, 2022

 

සිරස නාලිකාවේ අතීතයේ කියැවෙන නම් දෙකක් අතරට නාරද සහ තනූජාගේ නම ඉහළින්ම කියැවෙයි. ඔවුන් දෙන්නා කරගෙන ගිය “රස රිසි ගී” වැඩසටහන එකල ජනප්‍රියතම සංගීත වැඩසටහනක් විය. මේ ආකාරයෙන් ආරම්භ කළ ඔවුන් දෙදෙනාගේ යාළුකම් කිසිදු දිනෙක පලුදු වී නැත. මේ කරුණු කාරණා පදනම් කරගෙන පසුගිය දිනයක “ධනුට කියන්න” යන රධභබභඡඥ නාලිකාවේ වැඩසටහනක් සඳහා තනුජා සහ නාරද සහභාගි වී තිබෙනවා. වැඩසටහන අවසන් වීමෙන් පසු කවදාවත් නැතුව දෙදෙනාටම පෙරදින මතකය නැවත නැවතත් අලුත් කරවා ගැනීමට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වී තිබුණා. එය 70 දශකයේ විවාහ පින්තූරයක් හා සමාන ඡායාරූපයක් විය යුතු බවත් ඔවුන්ට හිතුණා. ඡායාරූප ගත කර ගැනීමෙන් අනතුරුව ඇතැම් මිතුරු මිතුරියන් තම තමන්ගේ මුහුණු පොතේ මේ ඡායාරූපය මුදා හැරියා. එයින් මේ ඡායාරූපයට විවිධ පාඨක අදහස් පළවුණා. ඒ පාඨක අදහස් අතරින් ලස්සනම වැකිය ලියලා තිබුණෙ මෙලෙසිනි. “කාටවත් නොදන්වා මෙවැනි විදිහට විවාහ වීම ගැන අපේ සතුට කියලා නිම කරන්න බැහැ” යනුවෙනි.