වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
කොහෙදෝ ගියේ ඈ කවුදෝ එයා...

පසුගිය දවසක චිත්‍රපටි අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නට අකරතැබ්බයක් වුණා කියලයි ආරංචි. වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ නව සිනමා පටයක මාධ්‍ය දර්ශනයක් තිබුණා. එය නැරඹීමට ඔහුට ද ආරාධනා පත්‍රයක් යවා තිබුණා. එය නිම වී ඔහු ගෙදර යන විට මධ්‍යම රාත්‍රියත් පසුවී හමාර වී ඇත. එවිට ඔහු ගමන් ගත් මාර්ගයේ ප්‍රවාහන පහසුකම් ද තරමක් අඩු වී තිබිලා. ඒ හේතුවෙන් යා ගැනීමට නොහැකිව විශාල පිරිසක්ද රැඳී සිට ඇත. ඒ සියලු දෙනාම තම මෝටර් රථයට නංවා ගැනීමට නොහැකි නිසා මේ අය පසු කර සුනිල් ගෙදර බලා පිටත්ව ගොස් ඇත. මේ යන අතරතුර ඔහුට නාඳුනන සුදු වතින් සැරසුණු කතක් හමු වී ඇත. ඇගේ ඉල්ලීමට අනුව සුනිල් ඈ මෝටර් රථයට නංවාගෙන ඇති බවයි අපට ආරංචි. කෙසේ වෙතත්, ඇය හෝමාගමට යන බව කියූ නිසා හෝමාගමටම මෝටර් රථයෙන් ගමන් පහසුව සලසා දී තිබෙනවා. නමුත්, පෙරදින සුනිල්ගේ මෝටර් රථයට නැඟපු තරුණිය මෙන් තරුණියක් පසුදිනද එම ස්ථානයේදීම පෞද්ගලික නාලිකාවක සේවය කරන රත්නායකගේ මෝටර් රථයටද ගොඩ වී ඇත. ඇය බසින තැන වෙනදා මෙන් බැස හෙටත් මේ වෙලාවටම එන්ඩ යැයි රත්නායකට කියා අතුරු මාර්ගයක් ඔස්සේ කනත්ත දෙසට ගිය බවයි ආරංචිය. මේ කතාව ආරංචි වූ සුනිල් ප්‍රේමරත්නට සිහි විකල් වූ බවත්, වෙනදා කිසි සද්දයක් නොකරන රත්නායක ද කට මැද දොඩවන බවත් අපිට ආරංචියි. දැන් මේ කතාවේ කතා නායිකාව කවුරුන් ද කියා තවමත් නොවිසඳුණු ආරංචියක්ව ඇත.