වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
නිර්මාණ කෘති විචාරාවලී ග්‍රන්ථය එළිදකී

ප්‍රවීණ ගේය කාව්‍ය රචිකාවක, ලේඛිකාවක වන යමුනා මාලිනි පෙරේරා විසින් විරචිත කෘති පිළිබඳ විද්වත් විචාරාවලියක් රැගත් “නිර්මාණ කෘති විචාරාවලී” ග්‍රන්ථය පසුගියදා ඇස්.ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදුටුවේය. යමුනා ලියූ කාව්‍ය, ගීත සංග්‍රහ, කෙටිකතා, යොවුන් නවකතා සහ නවකතා අරභයා විවිධ ලේඛක, ලේඛිකාවන් ලියූ සිංහල හා ඉංග්‍රීසි විචාර ලිපි මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. කාව්‍ය විචාර ලිපි 25ක් ද ,කෙටිකතා විචාර ලිපි 4 ක්ද, ගීත සාහිත්‍ය විචාර ලිපි 7 ක්ද, යොවුන් නවකතා විචාර ලිපි 4 ක්ද නවකතා විචාර ලිපි 21 ක්ද මෙහි අන්තර්ගත වේ. නිර්මාණාත්මක විචාර කලාව අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මෙය සප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.