වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
ඇසිදිසි මාධ්‍ය චාරිකා කෘතිය එළිදකී
සැප්තැම්බර් 22, 2022

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න විසින් රචනා කරන ලද ස්වයං ලිඛිත අපදානය “50 වසරක ඇසිදිසි මාධ්‍ය චාරිකාව” කෘතිය පසුගිය දින බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී එළිදැක්විණි. මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු මාධ්‍යවේදීන් සහ ආරාධිතයන් රැසක් සහභාගි විය. එහිදී ඇසිදිසි මාධ්‍ය චාරිකාව කෘතිය සරසවි ප්‍රකාශන අධිපති එඩ්. ඩී ප්‍රේමසිරි මහතා විසින් රොස්මන්ඩ් සේනාරත්න මහතාට පිළිගන්වන ලද අවස්ථාවයි මේ.