වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමරයි

ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ආචාර් ය ලෙස්ටර් ජේම්ස් පීරීසුන්ගේ ගුණසැමරුම් වැඩසටහනක් පසුගිය දා ඇලියොන් ෆ්‍රාන්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ ආචාර් ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවතුන් අතර සිටියදී Lester by Lester (ලෙස්ටර් බයි ලෙස්ටර්) කෘතිය රචනා කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී කුමාර් ද සිල්වා විසිනි. ඒ සඳහා ආචාර් ය සුමිත්‍රා පීරිස් සහ වෑකන්ද වලව්ව චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ශිල්පීහු සහභාගි වූහ. එදින ආචාර් ය ලෙස්ටර්ගේ වෑකන්ද වලව්ව චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අතර, ඒ සඳහා කලාකරුවන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය. මෙයට සමගාමීව ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් ආචාර් ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරුපයක් ද නිරාවරණය කරන ලදී.
සේයාරූ - නිශ්ශංක විජේරත්න