ලොක්ඩවුන් ළඟදඟඟදීම තිරයට

සැප්තැම්බර් 15, 2022

රොෂාන් රණවණ හා චූලක්ෂි රණතුංග ප්‍රධාන චරිත නිරූපණය කළ ලොක්ඩවුන් නවතම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින කොළඹ සිටි සෙන්ටර් හිදී පැවැත්විණි. සුනිල් ටී. ප්‍රනාන්දුගේ 74 වැනි සිනමා නිෂ්පාදනය වන මෙහි තිරරචනය හා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්නගෙනි.

කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය සිසිකිරණ පරණවිතාන, සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග, කලා අධ්‍යක්ෂණය උපාලි දයාසිරි සමඟ කීර්ති ඩී රාහුබද්ධ, වේශ නිරූපණය ප්‍රියන්ත ඊශ්වර, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, විධායක නිෂ්පාදනය ලංකා ධර්මවික්‍රම සිදු කර ඇත.

කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, කුසල් මධුසංක, සහන් විජේසිංහ, කුමාර වඳුරැස්ස, රජිත රොඩ්රිගෝ, උදය කුමාරි, මනීෂා නාමල්ගම, හිරුණි රණසිංහ, කීර්ති රංජිත්, රාධිකා ගුණවර්ධන, ජයරත්න ගලගෙදර, උපුල් නිශාන්ත, අස්ලී ලියානා (ළමා නිළි) රංගනයෙන් දායක වන ලොක්ඩවුන් සිනමා පටය ඉ3 ක්‍රියේෂන් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු, සංගීත අල්ගම හා නීල් සංජීව එක්ව නිෂ්පාදනය කළහ. එහි මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.

සේයාරුව-නිශ්ශංක විජේරත්න