වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
රාජකීය මතක

ඇකඩමි සම්මානලාභී සංගීතඥ ඒ.ආර් රහ්මාන් පසුගිය දිනෙක විශේෂ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළේය. ඔහු එය නිකුත් කර සිටියේ පසුගියදා දිවි සැරිය නිම කළ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන වෙනුවෙනි. රහ්මාන් ඒ සමඟ සඳහන් කර සිටියේ 'බොම්බේ ඩ්‍රීම්ස්' සංගීත සන්දර්ශනයක් අතරතුර තමා ඇය අවසන් වරට මුණගැසුණු බවයි. බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ ඇන්ඩෘ ලොයිඩ් වෙබර් නිෂ්පාදනයෙන් දායක වූ 'බොම්බේ ඩ්‍රීම්ස්' රහ්මාන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලදි. එහි ලන්ඩන් නිෂ්පාදනය ආරම්භ වූයේ 2002 වර්ෂයේදීය.
රහ්මාන්ගේ නවතම සංගීත අධ්‍යක්ෂණය සිදු වූයේ මනි රත්නම්ගේ 'පොන්නියන් සෙල්වන්' චිත්‍රපටය වෙනුවෙනි. ඔහු ඉන්දියානු සංගීතයට සහ සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් 2000 දී පද්ම ශ්‍රී සහ 2010 දී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඇකඩමි සම්මාන ද්විත්වයක්, ග්‍රැමි සම්මාන ද්විත්වයක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සමඟ රහ්මාන්ගේ දිගු සම්මාන ලැයිස්තුවට ජාතික සම්මාන 6ක් සහ බොලිවුඩ් ෆිල්ම්ෆෙයාර් සම්මාන 15ක් සහ දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සම්මාන 17ක් ඇතුළත් වේ.