ඕ.අයි.සී

සැප්තැම්බර් 15, 2022

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පූරකයකු ලෙස කටයුතු කරන වසන්ත රෝහණ පසුගියදා රංගන ශිල්පී බුද්ධික ජයරත්නගෙන් හරි අපූරු කතාවක් විමසුවා. "'කවද්ද අරුගම්බේ ඉඳන් නිවාඩු ආවේ" කියලා. ඉන් පස්සේ කිව්වේ "ඒ පැත්තේ රාජකාරි කරන්න හරි අමාරුයි රස්නෙ වැඩියි නේද"? කියලයි. මේ කතා ඇසූ බුද්ධික උඩ බිම බලා මොකක්ද මේ කියන්නේ කියලා හිතා ගන්න බැරුව විනාඩි කිහිපයක් ගත කළා. ඒ වෙන කිසිවක් නිසා නොවේ පසුගිය දිනෙක ඔහු පොලිස් නිල ඇඳුම ඇඳගෙන අරුගම්බේ සිනමාපටයේ අරුගම්බේ ඕ. අයි. සී ලෙස කටයුතු කළ නිසයි. මේ නිසා යහළු මිත්‍රාදීන් ඔහුගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචලිත කර තිබුණා. විවිධ යහළුවන් විවිධ වචන යොදා බුද්ධිකට සුබාශිංසන පළ කරලා තිබුණා. වසන්ත රෝහණට මේ ගැන අවබෝධයක් නොතිබුණ නිසා ඇත්තටම වසන්ත හිතලා තියෙන්නෙ බුද්ධික ජයරත්න නළුකමින් අයින් වෙලා පොලීසියට බැදුණා කියලයි. කොහොම වෙතත් දැන් ඕ. අයි. සී කියලා තමයි බුද්ධික ජයරත්නට සියලුම දෙනා අමතන්නේ.