අමතක කරන්න එපා

සැප්තැම්බර් 15, 2022

 

බන්ධනාගාර ගත වී පසුගිය දා පැමිණි ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ පළමු මාධ්‍ය හමුව කලම්බු සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ සඳහා දන්නා හඳුනන මාධ්‍යවේදීන් පමණක් නොව ඔහුට ආදරය කරන සියලුම දෙනා එතැනට රැස්වුණා. එදා මෙන් අදටත් පණ මෙන් ළඟින්ම සිටි යහළුවෝ ද එම අවස්ථාවට රැස්ව සිටියා. ඒ අතර විශේෂ දෙදෙනෙකු වූ සුරංග ද අල්විස් සහ ජනිත් වික්‍රමගේ ද සිටියා. ඔවුන් රන්ජන්ගේ කනට කොඳුරා කිව්වේ, අපි ගහපු ගේම්වලට අදට දින 85 යි. ගේම්වලට දින 100 පිරෙන්න තියෙන්නෙ තව දින 15 යි. ඔයා නැතුව දින 85ක් මේක දිව්වා. එහෙනම් මෙන්න දෙපැත්තටම වැන්දා. තහනම් වචනය දේශපාලනය සහ නීතිය.