ඔබ ලිව්වොත් වටිනවා

සැප්තැම්බර් 15, 2022

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට පසුගිය දිනෙක වටිනා ඡායාරූපයක් මුහුණු පොතේ තිබී හමු වෙලා. ඒ වෙන කිසිවක් නොවේ, ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද වෛශ්ණාවී චිත්‍රපටියේ මංගල දර්ශනය දා කොළඹ රීගල් සිනමා ශාලාවේ දී ගන්නා ලද සේයාරුවක්. නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා හා සේමිණි ඉද්දමල්ගොඩ එකට සිට ගන්නා ලද ඡායාරූපයක් ඒ. මේ ඡායාරූපය සරසවිය පුවත්පත වෙනුවෙන් ගත්තක් බව සටහන් කරන්නත් ඇය අමතක කළේ නෑ. එකම ක්ෂේත්‍රයේ විවිධ දශකවල සිනමාවට එක් වූ මේ තිදෙනා ගැන කියන්න තියෙන කතන්දර සහ මතක පොතට එකතු කර ගන්න තියෙන විස්තර පොත් ගණන් ලියූවත් ඉවර කළ නොහැකියි. අපි ගැන ලියන්න තියෙන දේවල් බොහෝයි. අප ලියනවට වැඩිය ඔබ ලියන එක වටිනවා කියා සේමිණි ඉද්දමල්ගොඩ සටහනක් තබා තිබෙනවා. මේ ඒ සටහන් පොතට එකතු වූ අපූරු ඡායාරූපයයි.