ඒදණ්ඩේ යෑම

සැප්තැම්බර් 8, 2022

 

පසුගිය දිනෙක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් අභිනන්දන උලෙළක් පැවැත්වූවා. ඒ සඳහා ක්ෂේත්‍රයේ කලාකරුවන් සහ ආරාධිතයන් පිරිසක් ද සහභාගි වුණා. එය ආවරණය සඳහා මාධ්‍යවේදීන්ට ද වැඩසටහන් නිෂ්පාදිකාව වන නිශාන්ති රණතුංගගෙන් ආරාධනාවක් ලැබුණා. එහෙත් ඒ සඳහා තවත් විශේෂ අයකුද පැමිණ සිටියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඔබ අප දන්නා හඳුනන කලා ශිල්පී අශෝක සෙනරත් මුදලිගේ. එදින පැමිණ සිටි සියලු දෙනාම අශෝක දෙස බලා සිටියා. එයට හේතුව වුණේ අශෝක යූටියුබ් නාළිකාවක් සඳහා ඔහුගේ ජංගම දුරකථනයෙන් ඩී.එස්. එල්. ආර් කැමරාවකට යොදන ට්‍රයිපෝඩ් එකක් යොදා ගනිමින් එහෙට මෙහෙට කරකවමින් රූගත කිරීමයි. එය දුටු පැමිණි එක් පුද්ගලයෙක් අශෝක ගැන සඳහන් කළේ ‘ඒදණ්ඩේ යනවා වගේ’ කියලයි.