එළිමහන් සිනමා අත්දැකීම ජනතාවට නොමිලේ

සැප්තැම්බර් 8, 2022

ස්වර්ණවාහිනිය සහ ශ්‍රී ටථ, ඡ්ඒර්‍ථ චිත්‍රපට සමාගම සමඟ එක්ව, එළිමහන් සිනමා ප්‍රදර්ශනයක අත්දැකීම යළි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාව වෙත ලබාදීමට පියවරගෙන ඇත. අති නවීන ශබ්ද තාක්ෂණයෙන් යුතුව මෙම අත්දැකීම, විඳගැනීමට අවස්ථාව ජනතාව වෙත නොමිලේ ලබාදී තිබුණි. දේශීය සිනමාව රසිකයන් අතර ප්‍රවර්ධන කිරීම අරමුණු කොටගෙන සෑම ප්‍රදේශයකම මේ වැඩසටහන දියත් කිරීමට ඡ්ඒර්‍ථ චිත්‍රපට සමාගම තීරණය කර ඇත. පසුගිය දින එහි මුල්ම ප්‍රදර්ශනය කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගණයේ දි පැවත්විණි. මේ එළිමහන් සිනමා ප්‍රදර්ශනයේදි, නව පරපුරේ ජනපි‍්‍රය නළු හේමාල් රණසිංහගේ රංගනයෙන් හැඩවූ 'ආශාවරී' සහ ජනපි‍්‍රය නළුවන් වන රන්ජන් රාමනායකගේ හා පුබුදු චතුරංගගේ රංගනයෙන් හැඩ වූ 'මායා' යන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණි.