අනුර මැදගොඩ මියයයි

සැප්තැම්බර් 8, 2022

80 දශකයේ ජනප්‍රිය නළුවකු වූ අනුර මැදගොඩ පසුගිය 3 වැනිදා මියගියේය.1948 පෙබරවාරි 14 වැනිදා මහනුවර මහවිල්මඩ දී උපත ලැබූ අනුර, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ පාසල් නාට්‍යවල රඟපෑවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ සොල්දාදුවකු ලෙස රඟමින් සිනමාවට එක් වූ ඔහු 80 දශකයේ චිත්‍රපට රැසක විවිධ චරිත රඟපෑ නළුවෙකි. කරුමක්කාරයෝ, චතුමධුර, මහගෙදර, මායා, දෙවෙනි ගමන, යුගාන්තය යනාදී චිත්‍රපට මේ අතරින් සුවිශේෂී වේ. ලංකාවේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍යය වූ දිමුතුමුතු හි දිසාපතිගේ චරිතය ඔහුගේ රඟපෑම් අතර කැපී පෙනේ.