සති පූජා හැදූ විමල් රංජිත් ප්‍රනාන්දු සමුගනී

සැප්තැම්බර් 8, 2022

සුප්‍රකට අධ්‍යක්ෂවරයකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, සේයාරූ ශිල්පියකු වූ විමල් රංජිත් ප්‍රනාන්දු පසුගිය 4 වැනිදා අභාවප්‍රාප්ත විය. ඔහු කලක් රෝගාතුරව සිටියේය. සති පූජා (1984) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රතිභාපූර්ණ රූපණවේදිනී චාන්දනී සෙනෙවිරත්න සිනමා රංගනයට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. ප්‍රේමරංජිත් තිලකරත්න අධ්‍යක්ෂණය කළ ජූලි (1977) වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා ඔහු විය. 1943 ජූනි 19 වැනිදා උපත ලැබූ විමල්, ටයිකොන්ඩෝ සටන් කලාව මෙරටට හඳුන්වා දීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා වත්තල දී සිදු කෙරිණි.