ඩොනල්ඩ් වෙනුවෙන් අවසන් ගෞරව

සැප්තැම්බර් 8, 2022

ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ කැමරා ශිල්පියකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා රෝගාතුරව සිට කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වූ අතර එතුමාගේ අවසන් කටයුතුවලට සමගාමීව පසුගිය සිකුරාදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඩොනල්ඩ්ට සුබ ගමන් පැතීම යනුවෙන් අනුස්මරණ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එහිදී ඩොනල්ඩ් කරුණාරත්න මහතා වෙනුවෙන් මල්කිනිත්තක් සහ ඉටි පන්දමක් දල්වා ඔහුගේ අවසන් ගමන අනුස්මරණය කිරීමට ප්‍රවීණ සිනමා කලාකරුවන්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් හා පේ‍්‍රක්ෂකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය. අනුස්මරණයෙන් අනතුරුව ඔහු කැමරාකරණය කළ සුවිශේෂ චිත්‍රපටයක් වූ “අහස් ගව්ව” ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබිණි.