සෝනම්- ආනන්ද් කැදැල්ලට පුතෙක්

සැප්තැම්බර් 1, 2022

 

බොලිවුඩයේ ජනප්‍රිය නිළි සෝනම් කපූර් පසුගියදා උතුම් මව් පදවියෙන් පිදුම් ලැබුවාය. සෝනම් ව්‍යාපාරිකයකු වූ ආනන්ද් අහූජා සමඟ වසර හතරකට පෙර විවාහ දිවියට පත් වූ අතර මේ වන විට ඔවුන්ගේ කැදැල්ලට සිඟිති පුතෙකු පැමිණ සිටී.

සෝනම් සිය සැමියා ආනන්ද් අහුජා සමඟ මේ සුබ ආරංචිය නිවේදනය කරසිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී සිය ඡායාරූප පෙළක් සමඟිනි. තම පළමු දරුවා පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටි සෝනම් පසුගිය කාලය පුරා නිරන්තරයෙන් තම ඉන්ස්ටග්‍රම් ගිණුමට නවතම ඡායාරූප මාතෘත්වය පිළිබඳ තොරතුරු මෙන්ම වීඩියෝද එක් කළාය. සෝනම්, ආනන්ද් හට මේ වසරේ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර සිටියේ "ඔබ හොඳම තාත්තා වනු ඇත" යනුවෙන් පවසමිනි. තම ආදරණීය පුතු සමඟ සෝනම් සහ ආනන්ද් යුවළ පළමුව අනිල් කපූර් වෙසෙන නිවෙසට පැමිණියාය.