61 වැනි උපන් දිනය ළමා කල මිතුරන් සමඟ

අගෝස්තු 25, 2022


 
 90 දශකයේ ක‍්‍රියාදාම වීරයා සුනිල් ෂෙට්ටි පසුගියදා 61 වැනි වියට පා තබුවේය. ”‍මම මේ විශේෂ දවස ගත කරන්නේ පවුලේ අය සහ මිතුරන් සමඟයි. අද රාත‍්‍රිය මගේ ජීවිතයේ මාව ඉදිරියට ගෙන ගිය මගේ කුඩා කාලයේ මිතුරන් වෙනුවෙන් වෙන් කළා. අවුරුදු 55-60 ක මිත‍්‍රත්වය, ළදරු පාසලේ සිට අපි තවමත් එකට ඉන්නවා. මෙම සුවිශේෂ දිනය පිළිබඳ සුනිල් පැවසීය.
 
 ක්‍ෂේත‍්‍රයේ සගයන් ගැන ඔහුගෙන් විමසූ විට පවසා සිටියේ ඔවුන් පෞද්ගලිකව මුණගැසෙන්නේ නොමැති නමුත් ඔවුන් සැමවිටම තමාට සුබ පතන බවත් තමාද ඔවුන්ට සුබ ප‍්‍රාර්ථනා කරන බවත්ය. ”‍ආක්ෂේ කුමාර් සහ අමීර් ඛාන්ගේ චිත‍්‍රපට ‘රක්ෂා බන්ධන්‘ සහ ‘ලාල් සිං චද්ධා‘ චිත‍්‍රපට දෙකම නැරඹීමට අදහස් කරනවා. මම විශේෂ දර්ශන සහ මංගල දර්ශනවලින් වැළකී සිටින්නේ මට පේ‍්‍රක්ෂකයන් සමඟ චිත‍්‍රපට නැරඹීම විශේෂ වන නිසා”‍ ඔහු වැඩිදුරටත් පැවසීය. සුනිල් ෂෙට්ටි නුදුරේදීම ‘දි ඉන්විසිබල් වුමන්‘ සහ ‘ධාරාවි බෑන්ක්‘ නම් වෙබ් කතා මාලා දෙකකින් දැකගත හැකිවනු ඇත. ඔහු තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන රියැලිටි වැඩසටහනකටද සිය දායකත්වය ලබා දෙන්නේය.