ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් යළි ඇරඹේ

අගෝස්තු 19, 2022

සම්මානනීය අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ එකොළොස් වැනි චිත්‍රපටය සිංහබාහු හි රූගත කිරීම් යළි ආරම්භ වී තිබේ. තඹුත්තේගම ගල්ගමුව ආශ්‍රිත හත්ථිකුච්චි ප්‍රදේශයේ මේ රූගත කිරීම් සිදු කෙරෙන අතර දැනට රෝගාතුරව සිටින ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධ රූගත කිරීම් හැර ඒ සෙසු දර්ශන සියල්ල රූගත කිරීමට පියවර ගෙන තිබේ.