ආදරණීය ඔලීවියා නික්ම ගියාය

අගෝස්තු 18, 2022


 
 රන් පැහැ කෙස් කළඹ, මුවැත්තියක ගේ බඳු දෑස් නිරන්තරයෙන් ම දෙතොලේ රැුඳි සුන්දර සිනාව, කෙවිලියක හා සමාන ගී හඬ, දඟකාර රංගනය ඔලීවියා නිව්ටන් ජෝන් ලොවක් ආදරය කරන චරිතයක් බවට පත් කිරීමට සමත් විය. කලාකාරියක ලොවේම ආදරණීය දිනා ගන්නියකි. එහෙත් ලොවට ම ආදරය දෙන තරු ගැන ඇසීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඔලීවියා එවැන්නියකි. ඇය ආදරයේ උල්පතක් ලෙසත් ඇය තරම් ලොවට ආදරය කරන්නියක දැක නැති බවත් පැවසුවේ මිය යන තුරුම සෙවණැල්ල මෙන් ඇය අසලින් ම සිටි සැමියා ජෝන් ඊස්ටලිං ය.
 
 පසුගිය අට වැනිදා ආදරණීය තාරකාව ඔලීවියා සෙනෙහසේ සොඳුරු මතකයන් පමණක් ඉතිරි කොට දිවි ගමන නිම කළාය.
 
 බි‍්‍රන්ලේ නිව්ටන් ජෝන් සහ අයිරනේ හෙලේනේ යුවළ ගේ දරුවන් තිදෙනාගෙන් බඩපිස්සිය වන්නේ ඔලීවියා ය. ඇය ගේ පියා බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ අතර ජර්මන් ජාතික මව නාසි රෙජිමයෙන් බේරීමට මාපියන් සමඟ බි‍්‍රතාන්‍යයට පැමිණි අයකි. මව් පාර්ශ්වයේ මුත්තණුවන් භෞතික විද්‍යාවට 1954 දී නොබෙල් සම්මාන දිනූ භෞතික විද්‍යාඥ මැක්ස් බෝන් ය. ඔලීවියා ගේ පියා දෙවැනි ලෝක යුද සමයේ රහස් පරීක්ෂකයකු ලස සේවය කළේය. යුද්ධයෙන් පසුව ඔහු කේම්බි‍්‍රජ්ෂයර් උසස් පාසලේ ප‍්‍රධානියා වශයෙන් සේවය කළේය. ඔලීවියා ට මුළු ළමා කාලය ම බි‍්‍රතාන්‍යයේ ගත කිරීමට ඉඩ නො ලැබුණේ පියා ජර්මන් බස උගන්වන මහාචාර්යවරයා ලෙස ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් සරසවියේ ඕමන්ඞ් කොලීජියේ ගුරු පත්වීමක් ලැබීම නිසා ය.
 
 ඇය කුඩා වියේ සිට ම ගී ගැයුමට රංගනයට දස්කම් පෑවා ය. 1965 වසරේදී ඔලීවියාට කලා ලොව ජනප‍්‍රිය තාරකාවක වීමට දොරටුව විවරකර දුන්නේSing, Sing, Sing ගීත තරගයයි. තරගයෙන් පළමු වැනියා වූ ඇයට බි‍්‍රතාන්‍යයට යාමට අවස්ථාව උදා විය. මුලදී බි‍්‍රතාන්‍යයට යාමට මැළිකමක් දැක්වූවත් මව ගේ බලවත් පෙරැුත්තය නිසාම ඔලීවියා ගමනට එකඟ විය. බි‍්‍රතාන්‍යයේදී ඇය පළමු ගීතය ‍ “Till You Say You'll Be Mine„‍ පටිගත කළාය. 1966 දී ඇරැුඹුණු ඔලීවියා ගේ ගීත චාරිකාව ග‍්‍රැමී සම්මාන හයකින් ආලෝකවත් විය. Billboard Hot100 වාර්තා සටහනේ පස් වරක් ඇය ගේ ගීත අංක එකටත් දස වරක් මුල්ම ගීත දහයටත් ඇතුළත් වී තිබීමෙන් ම ඇය ලද ජනප‍්‍රියභාවය කෙතරම්දැයි සිතාගත හැකි ය. විසිවැනි සියවසේ දෙවැනි භාගයේ වැඩිම ගීත අලෙවියකට වාර්තා කියන්නියන් අතර ඇය ද පෙරමුණේ සිටියි. If You Love Me Let Me Know (1974) Have You Never Been Mellow (1975) ඇතුළු ඇය ගේ ඇල්බම් 14 ක් ලෝකයේ මිලියන 100 කට වඩා අලෙවි වී තිබෙයි.

 
 ඔලීවියා සැන්ඩි ලෙස රඟපෑ ග‍්‍රීස් (1978) සංගීතමය සිනමා පටය තිරගතවී වසර හතළිස් හතරක් ගෙවී ගොස් ඇතත් අදට ද පේ‍්‍රක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැත. ඇය ගේ ගායනය ඇතුළත් ගිත, දඟකාර රංගනය ඇය මිය නොගිය බවට සිතා ගැනීමට ඇති සිහිවටනයකි. සිනමා පටයට අවශ්‍යව තිබුණේ දහ අට හැවිරිදි නව යෞවනියක වුවත් ඔලීවියා විසි අට හැවිරිදි වියේ පසු වූවාය. එහෙත් ඇය 18 හැවිරිදි නව යෞවනියක ලෙස රංගනයේ යෙදුණු අපූර්වත්වය දෑස් අදහාගත නො හැක්කකි. ග‍්‍රීස් ඇල්බමය අදටත් ලොව වැඩියෙන් ම අලෙවිවූ ඇල්බමය යන වාර්තාවට හිමිකම් කියයි. ග‍්‍රීස් රංගනයට ඇය People's Choice Award ජනප‍්‍රිය ම තාරකාව සම්මානය දිනා ගත් අතර හොඳම නිළිය ලෙසින් ඨදකාැබ ඨකදඉැ සම්මානයටත් ඇය ගැයූHopelessly Devoted to You˜‍ ගීය 1979 ඇකඩමි සම්මාන උලෙළේ හොඳම ගීයටත් නිර්දේශ විය.

 
 ඔලීවියා ග‍්‍රීස් සිනමා පටය‍ට පෙර Funny Things Happen Down Underඔස්ටේ‍්‍රලියානු සංගීතමය සිනමා පටයේත් Toomorrow බි‍්‍රතාන්‍ය සංගීතමය විද්‍යාත්මක සිනමා පටයේත් රඟපා තිබිණි. රංගනයට ඇති කැමැත්ත නිසා අමෙරිකාවට පැමිණි ඇය ග‍්‍රීස් ට අමතරව Xanadu, Two of a Kind, It's My Party වැනි සිනමා පට ගණනාවක රඟපෑවා ය.

 
 පරිසරය සුරැුකීමේ ක‍්‍රියාකාරිනියක වූ ඔලීවියා පිළිකා රෝගීන් වෙනුවෙන් සමාජ සද්කාර්ය වැඩපිළිවෙළක් ගෙන ගියාය. ඇය ඇරැුඹූ පිළිකා පර්යේෂණ ආයතනය වෙනුවෙන් ඇය ගේ අමරණීය කලා සිහිවටන වෙන්දේසි කළාය.
 
 දෙවැනි එළිසබෙත් මහ රැුජනගෙන් ඬේම් හෙවත් ආර්යාව යන ගරු නාමයෙන් ද ඔලීවියා පිදුම් ලබා තිබෙයි. ඒ ඇය කලාවට පරිසරයට සමාජයට කරනා ලද උදාර මෙහෙය වෙනුවෙනි.
 
 ඔලීවියා පරිසරය රැුක ගැනීමේ සටන ඇරැුඹුවේ පිළිකා රෝගයට ගොදුරු වීමට පෙරදී ය. 1978 ජපන් සංගීත ප‍්‍රසංගය ඇය වර්ජනය කළේ ඩොල්ෆින් ඝාතනය කිරීමට එරෙහිවය. ඇය එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සන්නාම තානාපතිනිය ලෙසින් ද කටයුතුකර තිබෙයි.
 
 ඔලීවියා යනු කෙතරම් සහෘද කාන්තාවකදැයි කිවහොත් ඇය ගේ පළමු සැමියා මැට් ලැටන්සි ඇයගෙන් උදුරා ගනු ලැබූ බවට චෝදනා ලැබ සිටින සින්ඩි ජෙසප් මෙන් ම පළමු සැමියා ගේ තෙවැනි බිරිය බවට පත්වී සිටින මිෂෙල් ද ඔලීවියා මියගිය පුවත අසා සමාජ වෙබ් අඩවි මඟින් කනගාටුව ප‍්‍රකාශකර තිබෙන්නේ ළබැඳි මිතුරියක මියගිය පරිද්දෙනි.
 
 ඔවුන් දෙදෙනො ම ඇය නිතර අනුන්ට උපකාර කරන පරිසර හිතකාමී ආදරණීය කාන්තාවක ලෙස අගයති.
 
 සින්ඩි ජෙසප් ඔලීවියා ගේ පළමු විවාහය බිඳ වැටීමට හේතුවූ තරුණිය ය. නිතර සයිකලෙන් ගමන් කරන නවසීලන්ත ජාතික
 
 සුන්දර තරුණියක වූ සින්ඩි ඔලීවියාට හා මැට්ට මුණ ගැසෙන්නේ සිය නිවෙස ආසන්නයේදී ය. ඔවුන් සත් හැවිරිදි දියණීය චොලී බලා ගැනීමට සිය ගොවිපළට පැමිණෙන ලෙසට ඇයට ඇරැුයුම් කරයි. ඇය පැමිණ වසරකට පසු ඔලීවියා පියයුරු පිළිකා රෝගයකින් පීඩා විඳින බව හඳුනා ගැනීමත් සමඟ ඔලීවියා ගේ විවාහ දිවියේ දෙදරා යාමත් ඇරැුඹෙයි. මුල් කාලයේ තිදෙනා ම පියයුරු පිළිකා පර්යේෂණ කටයුතු සඳහා මුදල් එක් කිරීමට සිඞ්නිවල සිට පර්ත් දක්වා සයිකල් පැද ගෙන ගිය අවස්ථා තිබිණි. මැට් හා ඔලීවියා වෙන් වන විට මැට් ගේ වයස අවුරුදු 36 කි. ඔලීවියා හතළිස් හැවිරිදි වියේ පසු වූවා ය. ඔවුන් වෙන්වී සිව් වසරකට පසු 1999 දී මැට් සින්ඩිව විවාහ කරගත්තාය. ඒ වන විට සින්ඩිට වයස 28 ක් වූවා පමණි. ඔලීවියා හදවතින් ම දෙදෙනොට සුබ පැතුව ද 2008 වන තුරුම යළි විවාහයක් ගැන සිතුවේ නැත. අවසන ඇය ව්‍යාපාරික ජෝන් ඊස්ටර්ලිං සමඟ විවාහ වූවා ය. ඔලීවියා ජෝන් ව වසර අනූ ගණන්වල සිට ම හඳුනා ගෙන සිටියත් දෙදෙනො පෙම්වතුන් වූයේ පහළොස් වසරකට පසුව ය. ඒ විවාහය මරණය දක්වා ම පැවතිණි. ඔවුන් ඉතා සතුටින් ජීවත් වූ බව නො රහසකි. දෙදෙනොම ශාකමය ඖෂධ ප‍්‍රතිකාර සහ අධ්‍යාත්මික සුවය ගැන විශ්වාසය තැබූවන් වීම නිසා රන් රස සේ පෑහිණි. අවසන් මොහොත දක්වාම ජෝන් ඇයට විවිධ ශාකමය ඖෂධ සාදා දුන්නේය.
 
 ඔලීවියා පළමු විවාහය කරගත්තේ ද වයස අවුරුදු 36 ක් වූවාට පසුව ය. ඇය දස හැවිරිදි වියේ පසුවෙද්දී මාපියන් දික්කසාද වීම නිසා ඇතිවූ සිත් වේදනාවත් සමඟ ඇය විවාහය පිළිබඳ සුබවාදීව බැලූ‍වේ නැත. විවාහ වන තැනැත්තා සමඟ ජීවිත කාලය පුරාම එක්ව දිවි ගෙවීමට ඔලීවියාට අවශ්‍ය විය. එහෙත් අවාසනාවකට ඇය නො සිතූ ලෙස පළමු විවාහය එකොළොස් වසරක ඇවෑමෙන් දෙ‍දරා ගියේ ය. තමන්ට පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව මුලින් ම හෙළිකළ තාරකාවන් අතර ඔලීවියා ද සිටින්නීය. තිස් වසරක් ඇය පිළිකා මාරයා සමඟ සටන් කළාය. දෙවරක් පිළිකා මරු ජයගත් ඇය 2017 දී තෙවැනි වරට ද පිළිකා මාරයා තමන්ව ආක‍්‍රමණය කර ඇති බව දැනගත්තාය. ඒ වන විට ඇය ගේ කොඳු නාරටිය දක්වා රෝගය වර්ධනය වී තිබිණි. ඇය මරණය දක්වා ම සෙසු පිළිකා රෝගීන්ට ද පරමාදර්ශයක් විය. සංගීත කලාව, රංගන කලාව ජයගත් ඇය සිනහ මුසු මුහුණින් පිළිකා මාරයාට අභියෝග කරමින් ජීවන කලාව ජය ගත්තාය. ඔලීවියා වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපෙරා මන්දිරයේ ලෝක ප‍්‍රසිද්ධ රුවල් නෞකා රෝස පැහැති ආලෝකයෙන් බැබළුවේය. වික්ටෝරියානු කැපිටල් ෆෙඩරේසන් චතුරස‍්‍රය ද රෝස පැහැති විදුලි බල්බ දල්වා තිබූ අතර මාවත් රෝස පැහැයෙන් ආලෝකවත් විය. මේ සියල්ලට ම වඩා ඇය ජනතා හදවතෙහි දැල්වූ ආදරයේ අලෝකය සදා නො නිවී පවතියි.