අලූත් ගමනක් යමුද?

අගෝස්තු 18, 2022


 
 පසුගිය දිනක චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා වැඩ භාර ගත්තේය. 2015 සිට 2017 දක්වා එම ධුරයේ රාජකාරියේ නිරත වූයේද නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාමය. නව සභාපතිවරු පත් වූවාට සිනමා කර්මාන්තයේ තිබෙන කිසිම ප‍්‍රශ්නයක් මේ වෙන තාක් විසඳී නැති බවයි සිනමාවේ නිරතවන හා සිනමාවට ආදරය කරන සමහරුන්ගේ අදහස. ඒ වගේම තමයි එන එන සභාපතිවරයා ළඟට කිට්ටු වෙන්නට ද බෙදාහරින්නන්ගේ සංගමයේ ඇතැමුන් කටයුතු කරනවා. එහෙත් ඔවුන්ගෙන් සිනමාවට වෙච්ච දෙයක් නොහැකි බව ඇතැමුන්ගේ හිත්වල තියෙන දෙයක්. නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු කියන්නෙත් හොඳ නිර්මාණයක් එළියට ආවත් ප‍්‍රදර්ශකයන්ගේ සංගමය උදැල්ල දාන බවයි. ප‍්‍රදර්ශකයන්ගේ සංගමයේ නිලධාරියෙක් ලෙස කටයුතු කරන අනුරාධ රැුකව මේ නව සභාපතිවරයා ළඟට කනට කිට්ටු කර කියන්නේ අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරු කියන දේට කන් නොදී අපේ ගමන අපි යමු කියලද? නැත්තම් අපි සියලූ‍ දෙනාම එකතු වී අලූ‍ත් ගමනක් යමු කියලද? කෙසේ වෙතත් සභාපතිවරු පත් වෙන ගාණට ඔවුන් ගෙනා යෝජනා මේ වෙන විට ක‍්‍රියාත්මක වුණා නම් ගුණාත්මක නිර්මාණ අද වන විට කීයක් නිෂ්පාදනය වී හමාරද? කියලා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම ඉතාම අත ළඟ බව සිනමාවට ආදරේ කරන බොහෝදෙනාගේ අදහසයි.