ආදරේට ආසයි බයයි‍

අගෝස්තු 18, 2022


 
 මේ දිනවල මුහුණු පොතේ ආදරේ ගැන විවිධ පෝස්ට් පළ වී තිබුණා. ඒ අතර වැඩියෙන්ම පළවෙන්නේ රංගන ශිල්පිනියන් ගැනයි. ආදරේ කරන්න කෙනෙක් හොයනවා, ආදරේ කරන්න කැමතියි, දැන් කොල්ලො යාළුවෙන්න අහන්නේ හරිම වැදගත් විදිහට....මම හොයන්නේ කෝටිපතියෙක්.... මේ විදිහට ලියවෙච්ච වචන පෙළක් රංගන ශිල්පිනියන්ගේ මුහුණු පොත්වල පල වී තිබුණා. හිරුණිගේ මුහුණු පොතේ ද මේ විදිහට පසුගිය දවස්වල පළ කරලා තිබුණා. ඒක දැකපු ගොඩක් දෙනෙක් හිරුණිට දුරකථන ඇමතුම් දී විවිධ දේවල් යෝජනා කරලා කියල නම් ආරංචියි. හිරුණිගේ මුහුණු පොතේ සටහන් වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි. ආදරේ ගැන කතා කරන්න ආසයි. ඒත්, බයයි. හිතාගන්න බැරි තරම් ප්‍රොපෝසල් එනවා. දැන් කොල්ලො යාළුවෙන්න අහන්නේ හරිම වැදගත් විදිහටයි. මේ සියලූ‍ දේම සටහන් වෙලා තිබුණ නිසා හිරුණිගේ වයස වත් නොදැන වයස අවුරුදු තිහ හතළිය පරතරේ තියෙන අයත් ඇගේ මුහුණු පොතට පෝස්ට් දානවලූ‍. මේ සිදුවීම නිසා හිරුණිගේ ඔළුව යකාගේ කම්මල වෙලා කියලයි ආරංචි. කොහොම වෙතත් ඇය ප‍්‍රධාන චරිතය නිරූපණය කරන චිත‍්‍රපටයක් ද ඉදිරියේ දී ප‍්‍රදර්ශනය වීමට නියමිතයි. එදාට හිරුණිගේ යකාගෙ කම්මල වෙලා තියෙන ඔළුවට සහනයක් වෙයි කියල කවුරුත් බලාගෙන ඉන්නවා.