සෙල්ෆිය නොගෙන බෑ

අගෝස්තු 18, 2022


 
 චාමර ජනරාජ් පීරිස් කියන්නේ නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙක්. වීදුරු මල් ඔහුගේ නවතම ටෙලි නාට්‍යයයි. එය මේ දිනවල අයි. ටී. එන් නාලිකාවේ විකාශය වෙයි. චාමර කොහොමත් දර්ශන තලයේ ඉන්න විට ශිල්පීන්ට සෙල්ෆි ගැනීම සපුරා තහනම් කරලයි තියෙන්නෙ. ඒත් නොසිතූ විදිහට චාමරට එක් අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ බව නම් දැනගන්නට ලැබෙනවා. දර්ශන තලයේ නියෝග ගොඩක් තිබුණත් චාමරත් මද්දකට හසු කර ගෙන ඇති බවයි අපට ආරංචි. ඔහුගේ නවතම නාට්‍යයේ රංගන ශිල්පිනියක ලෙස මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන දුශේනි චාමරට මේ මද්ද ඇට වූ බවයි හැමෝම කියන්නේ. චාමර සෙල්ෆි ගැනීමට නොදෙන නිසා චාමරත් සමඟ සෙල්ෆියක් ගැනීමට ඇය ඇරැයුම් කර තිබෙනවා. පෙර වදන් අමතක වූ චාමරටත් සෙල්ෆිය ගැනීමට සිදු වූ බවයි කියවෙන්නේ. මේ නිසා දාපු නියෝග ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තැනට චාමරගේ සෙල්ෆි ගැනීම කාටත් ප‍්‍රයෝජන වෙලා. කොහොම වෙතත් සමහරු කියනවා දුෂේනිට තිබුණු කැමැත්තක් නිසා මෙය කළා කියලත්. කවුද හරි?. කවුද වැරදි ? කියල නම් අපිට කියන්න බැහැ.