සති 6 ක් ක‍්‍රියා විරහිතයි

අගෝස්තු 18, 2022

 
 පසුගිය කාලයේ ශිල්පා ශෙට්ටි කාර්යබහුල වී සිටියේ රෝහිත් ෂෙට්ටිගේ ඉන්දියන් පොලිස් ෆෝර්ස් කතා මාලාවේ රූගත කිරීම් සමඟිනි. නමුත් ඇය එක්වරම රෝද පුටුවක සිටින ඡුායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබුණි. ”‍කකුලක් කඩන්න”‍ යනුවෙන් එහි සිරස්තලය විය.
 
 රෝහිත් ෂෙට්ටිගේ ඉන්දියන් පොලිස් ෆෝර්ස් රූගත කිරීම්වල ක‍්‍රියාදාම දර්ශනයක් අතරතුර ශිල්පා අනතුරකට ලක්වීම හේතුවෙන් ඇයට මෙලෙස රෝද පුටුවකට වී සිටීමට සිදු වී තිබේ.
 
 සිය ඉන්ස්ටග‍්‍රම් ගිණුමේ සටහනක් තබමින් 47 හැවිරිදි ශිල්පා ඇයගේ සුවය පතා යාඥා කරන ලෙස රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටියාය. ”‍සති 6 ක් සඳහා ක‍්‍රියා විරහිතයි. නමුත් මම ඉක්මනින්ම ශක්තිමත්ව සහ වඩා හොඳින් ආපසු එනවා. එතෙක්, මා වෙනුවෙන් යාඥා කරන්න”‍ ඇය සටහන් කළාය.
 
 මෙම අනතුරට දිනකට පෙර ශිල්පා අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි සමඟ ඉන්දියන් පොලිස් ෆෝර්ස් තිරය පිටුපස වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයට එක් කොට තිබුණි. රෝහිත් ෂෙට්ටි පටිවල එල්ලී ඇයගේ සටන් දර්ශනයක් රූගත කරන අයුරු එහි දැකගත හැකි විය. ඇය එම වීඩියෝව සමඟ මෙසේ ලිවීය, ”‍ඉන්දියන් පොලිස් ෆෝර්ස් දර්ශන තලයේ කිසි විටෙකත් අඳුරු මොහොතක් නොවේ”‍. සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, විවේක් ඔබරෝයි සහ ඊෂා තල්වර් ද ඉන්දියන් පොලිස් ෆෝර්ස් කතා මාලාවේ රංගනයෙන් දායක වෙති. මෙම වෙබ් කතා මාලාව ඇමසන් ප‍්‍රයිම් වීඩියෝස් ඔස්සේ නිකුත් කෙරේ.