ඩොනල්ඞ් කරුණාරත්න වෙනුවෙන් බෝධි පූජාවක්

අගෝස්තු 18, 2022

 
 ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර වැනි කෘතහස්ත සිනමාකරුවන් රැුසකගේ සිනමාපට කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩ කළ මේ වන විට රෝගාතුරව සිටින ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඞ් කරුණාරත්න වෙනුවෙන් (කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, ජයදේව මෙන්ඩිස්, චන්න දේශපි‍්‍රය, රුවන් කොස්තා, පාලිත පෙරේරා, සරත් සූරියකුමාර) කෝට්ටේ රජමහා විහාරයේ දී පසුගිය 12 වැනිදා බෝධි පූජාවක් පැවැත්විණ. එයට ප‍්‍රවීණ කැමරා ශිල්පීන් වන එම්. ඞී. මහින්දපාල, ජයනාත් ගුණවර්ධන ඇතුළු කලාකරුවන් රැුසක් සහභාගී වූහ. මේ වන විට ඇමරිකාවේ වෙසෙන ඩොනල්ඞ් කරුණාරත්න වෙත සරසවිය අපිද නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරන්නෙමු.