ජැක්සන් ඇන්තනි වෙනුවෙන් මෙල්බනයේත් බෝධි පූජා

අගෝස්තු 18, 2022

 
 හදිසි අනතුරකට පත්ව කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි වෙනුවෙන් සෙත්පතා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදි පසුගිය 7 වැනිදා නිදහස් එකමුතුව සංවිධානය මඟින් බෝධි පූජාවක් පවත්වන ලදී. මෙල්බර්න්හි මහමෙව්නා අසපුවේ මෙම බෝධි පූජාව පැවැත්විණි. ප‍්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර ‍රන්දෙණිය, ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, නිෂ්පාදක අසංක දොඩන්තැන්න, ශී‍්‍රනාත් මද්දුමගේ, තරුපති මුණසිංහ හා භානුක මනෝරත්න සමඟ මෙල්බනයේ වෙසෙන ශ‍්‍රී ලාංකික බොහෝ පිරිසක් මෙයට දායක වී ඇත.