බිග් බී පුදුම කළ ප‍්‍රංශ දැන්වීම

අගෝස්තු 11, 2022

 

බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා දිගු කාලීනව දිලෙන සුපිරි තරුවක්. බිග් බී වයසින් අවුරුදු 79ක් වුවද තරුණයකු සේ සමාජ මාධ්‍ය භාවිතයේ දිරියෙන් සිටින්නෙකු ලෙස ද ප‍්‍රසිද්ධය. ඔහු ඉන්ස්ටග‍්‍රම් සහ ට්විටර් සමඟින් සම්බන්ධ වෙමින් ඔහුගේ ජීවිතය සහ වැඩ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් රසිකයන් යාවත්කාලීන කරන්නේය. සිත්ගන්නා සිතුවිලි සහ සුන්දර කවි නිරන්තරයෙන් පළ කරන ඔහු සිය පුද්ගලික බ්ලොග් අඩවියක්ද දිනපතා යාවත්කාලීන කරයි.

පසුගියදා ඔහු ඉන්ස්ටග‍්‍රම් වෙත ගියේ තමා පුදුමයට පත් කළ දෙයක් දැක්වීමටය. එය නම් පැරිසියේ රූපලාවණ්‍යාගාරයක වෙළඳ දැන්වීම් පුවරුවක තිබූ තම පින්තූරයක් බෙදා ගැනීමට ය. ඔහු සඳහන් කළේ තමාගේ මෙම පින්තූරය දැකීමෙන් පුදුමයට පත් වූ බවයි. බිග් බී හෙළි කළේ එම පින්තූරය පැරිසියේ සිට පැමිණි අයෙකු විසින් තමාට එවා ඇති බවයි. වයස අවුරුදු 79 දීත් මෙම ජ්‍යෙෂ්ඨ නළුවා කෙතරම් කඩවසම් දැයි එය දුටු රසික රසිකාවන් පැවසීම නතර කළ නොහැකි විය. ”‍ඇත්තටම වයස ප‍්‍රශ්නයක් නොවේ. ඔබ අදටත් කඩවසම්”‍ බොහෝ දෙනෙකු මෙම ඡායාරූපය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි. හොලිවුඞ් නිළි කේට් බ්ලාන්ෂේගේ රුවද එම දැන්වීමට ඇතුලත් කොට තිබේ.