වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ලීටරේ කීයද

මේ දවස්වල කාගේත් කතාබහට ලක්වන අපිට සිටින සටන් අධ්යක්ෂකවරයකු හා නළුවකු වන වසන්ත කුමාරවිල පසුගිය දවසක කැස්බෑවේ ඉඳලා පිළියන්දලට ත්රිරෝද රථයක ඇවිල්ල තියෙනවා. ඒ එන අතර තුර ත්රීවිල් රියැදුරු තැන සමඟ දොඩමලූ වෙලා තියෙනවා. ඒ දොඩමළුවේදී රටේ ගැටලූ සහ ඉන්ධන ප්රශ්නය තමයි කතා කරලා තිබෙන්නේ. ත්රීවිල් රියැදුරා කියලා තියෙන්නෙ, තෙල් නැතුව කොහෙවත් දුවා ගන්න වත් බැරි වුණා කියලා. එවිට රියැදුරු රැවැට්ටීමේ අදහසෙන් කුමාරවිල කියල තියෙන්නෙ අයියෝ තෙල් තියෙනවා ඕනේ නම් දෙන්නම් කියලයි. ගාණක් නැතුවම රියැදුරත් අහලා තියෙනවා කීයටද මහත්තයා දෙන්නෙ කියලා. වසන්තගේ කටට එකපාරටම ඇවිල්ල තියෙන වචනය රුපියල් 3000ට තමයි ලීටරේ දෙන්නෙ කියලා. අපෝ 3000ට නම් එපා මහත්තයා අපිත් රුපියල් 2000ට තමයි මේ දවස්වල තෙල් ලීටරය විකුණන්නෙ කියලා රියැදුරා කියලා. එතකොට හයර් දුවන්නෙ නැද්ද කියලා වසන්ත රියැදුරාගෙන් ඇහුවට පස්සේ රියැදුරා කියලා තියෙන්නේ දුවනවට වැඩිය තෙල් බිස්නස් එක ලාබයි කියලා. මේ සියල්ල ඇසූ වසන්ත කිසිවක් නොකියා වෙනදට වැඩිය තුන් ගුණයකින් වැඩි වූ මුදල දීලා පිළියන්දලින් බැහැගෙන තියෙනවා. පිළියන්දලින් බැහැ ගත්ත වසන්තට හෝ ගාලා දුරකථන ඇමතුම් එනවලූ තෙල් ලීටර්ය තුන් දහ වුණාට කමක් නෑ දෙනවද කියලා. මේ නිසා වසන්තට අදටත් ප්රශ්නයක්ලූ ත්රීවිල් රියැදුරා කවුද කියලා. දන්න සෙල්ලම් දමා සොයාගන්න උත්සාහ කළත් තාම ඔහු හමුවෙලා නම් නෑ.