අලූ‍ත්ම මැෂිම

අගෝස්තු 11, 2022


 
 පසුගිය දවසක ප‍්‍රධාන නාලිකාවක සංගීතමය වැඩසටහනක් පැවැත්වුණා. මේ සංගීතමය වැඩසටහන සතියකට වරක් පේෂල, සචිනි සහ මාධව මෙහෙයවනවා. ඒ සඳහා කලාකරුවන් ද සම්බන්ධ වන අතර පේෂලගේ කටට කොහෙත්ම වැඩසටහනේදී බ්‍රේක් නම් නැති බව වැඩසටහන බලන කවුරුත් දන්නවා. ඊට සහභාගී වන සියලූ‍ දෙනාම සහ ඔහුට සහයෝගයට ඉන්න මාධවත් සචිනිත් අපහසුතාවයට පත් කිරීමත් ඔහුගේ පුරුද්දක්. මාධව එතරම් අපහසුතාවයට පත් නොවුණත් සචිනි නම් එදා හොඳටම අපහසුතාවයට පත් වූ බවයි දැනගන්නට ලැබුණේ. සචිනි අම්මත් එක්ක ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධව උපකරණ සපයන බව පේෂල සජීවී වැඩසටහනේදී සියලූ‍ දෙනාටම දැනගන්න සැලැස්සුවා. ඉන් පසෙකින් සිටි මාධව කියා සිටියේ එතකොට පොළව තළන මැෂින් එහෙමත් දෙනවා ඇති නේද කියලා. පේෂල එතන මැදට පැනලා ගත් කටටම කිව්වේ, ඔව්... අලූ‍ත්ම මැෂින් එකක් තියෙනවා, ඒක ගෙදර තියෙන හො`දම මැෂින් එක කියලා. පේෂල සඳහන් කරනකොට සචිනිගෙ මූණ රතු වෙලා ගියා. පැමිණි කලාකරුවන් සියලූ‍ දෙනාම සිනාසුණා. ඒ නිසා මේ දවස්වල සචිනිගේ ෆෝන් එකට නම් නිදහසක් නෑලූ. අලූ‍තෙන් ගෙනාපු පොළව තළන මැෂින් එක ගන්න පුළුවන්ද කියලා සචිනිගෙන් අහන වාර අනන්තයිලූ‍. ඒ නිසා සචිනි හරිම අපහසුතාවයට පත්වෙලා ඉන්නවා කියලා ක්ෂේත‍්‍රය පුරාම කතාබහට ලක් වෙලා.