අපූරු Night Rider

අගෝස්තු 11, 2022


 
 තරුණ අධ්‍යක්ෂකවරයකු වන කසුන් පතිරණගේ නයිට් රයිඩර් සිනමාපටය මුදා හැරීමේ උත්සවය පසුගිය දා දෙමටගොඩ රීගල් සිනමාහලේදී පැවැත්වුණා. 70 දශකයේ කලාවට පැමිණි යහළුවන් දෙදෙනකු ද පැමිණ සිටියා. කලාවේ සිදු වන ඕනෑම විශේෂ දෙයකට ඔවුන් දෙදෙනාගේ පැමිණීම අනිවාර්ය කරුණක්. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම අවිවාහකයෝ වීමයි. සැනට් දික්කුඹුර දෙහිවල ද, සිරිල් ආරියපාල කිරුළපන හා නාවල ප‍්‍රදේශයේ ද ජීවත් වෙනවා. Night Rider සිනමාපටය බැලීමට සුළු මොහොතකට පෙර සිරිල් සඳහන් කළේ අපිට නම්, දැන් Night Rider වැඩ බැරි බවයි. ඒ ඇසූ සැනට් කියා සිටියේ මතක නැතිව ඇති එක දවසක් ? 12ට විතර නනා ඉන්න විට Night Rider දුවපු විදිය. ඒ මොකද්ද ඒ හරුපෙ කියල සිරිල් ආරියපාල ඇසූ විට සැනට් කියා සිටියේ ”‍උඹේ ඇදුම් ටික ඇරගෙන එකෙක් දුවනකොට නිර්වස්ත‍්‍රව උඹ නාවල කැම්පස් එක ගාවට දුවපු එක”‍. එවිටයි, ඔහුට සිහියට නැඟු‍ණේ ඔහු Night Rider වූ හැටි. එය ඇසුණු සියලූ‍ දෙනාම කටවල් තද කරගෙන හිටියේ සිනා නොවී ඉන්න බැරි නිසාමය.