විජයසිරිවර්ධන පොලොන් ඕවිට ගායන ශිල්පියා මහජන පිහිට පතයි

අගෝස්තු 11, 2022


 ප‍්‍රවීණ ගුවන් විදුලි ගායන ශිල්පි විජය සිරිවර්ධන පොලොන් ඕවිට මහතා දැඩි ලෙස රෝගාතුරව රෝහල් ගතකර සිටී. ඔහු සංගීත අධ්‍යක්ෂවරයකු සේම ගීත ප‍්‍රබන්ධකයකුද වේ. ඔහු ගැයු ජනප‍්‍රිය ගීත අතර, ”‍උණ පඳුරක මල් පිපිලා”‍ , ”‍විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ ”‍,”‍ සෙනෙහේ පියුම් විලේ”‍ වැනි ගීත රාශියක්ම විය. මෙයට මාස කීපයකට පෙර සිදුවූ හදිසි රිය අනතුරකින් බරපතළ ලෙස රෝගී තත්ත්වයට පත් වූ ඔහු මේ වන විටත්, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ 11 වන වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් පසුවේ. ඔහුගේ ආදරණීය බිරිඳ කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුව මියගිය අතර, ඔවුනට දරුවන්ද නොමැත. සිදුවු අනතුරෙන් දෙපාවලට හානි සිදුවීම නිසා ඇවිදීමටද අපහසුව ඇත. එම රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කොට ඇති බැවින්, එහි බිල්පත ගෙවීමට මුදල් සොයා ගැනීමට මෙන්ම , රෝහලෙන් පිටතට පැමිණ නතරවීමට වැඩිහිටි නිවසක පිහිට පැතීමට ඔහුට සිදු වී ඇත. ඒ සඳහා කාරුණික මහජනතාවගේ සහයෝගය ඔහු බලාපොරොත්තුවෙන් සිටී. ඔහුව රෝහලෙන් පිටතට ගැනීමට සහ ඔහු වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට, ඔහු සාමාජිකත්වය දරන ශ‍්‍රී ලාංකේය ගේය පද රචක සංගමය මේ වන විටත් කටයුතු කරමින් සිටී. ඔහු වෙනුවෙන් යම් මූල්‍යමය හෝ වෙනත් ආධාරයක් කළ හැකි අයෙක් වේ නම්, 077 697 4226 / 074 100 6088 යන දුරකථන අංකයන් අමතා ශ‍්‍රී ලංකේය ගේය පද රචක සංගමයේ ලේකම්තුමාගෙන් වැඩි දුර විස්තර දැන ගැනීමට හැකිවනු ඇත.
 
 - ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු