ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති වැඩ භාර ගනී

අගෝස්තු 11, 2022


 
 ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස තේරිපත් වූ නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා විසින් ඊයේ (10) දින ජාතික චිත‍්‍රපට සංස්ථා පරිශ‍්‍රයේ නිල කාර්යාලයේදී වැඩ භාරගන්නා ලදි.
 
 මේ අවස්ථාවේදී බොරැල්ල අතුලදස්සි විහාරස්ථානයේ මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනය ද සිදු කෙරිණ. මේ දීපාල් මහතා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිධුරයට පත් වූ දෙවැනි වාරයයි. මිට පෙරද ඔහු විසින් 2015 සිට 2017 දක්වා සංස්ථාවේ සභාපතිධුරය දරන ලදි. චාම්ව පැවැති මෙම උත්සවය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කලාකරුවන්, චිත‍්‍රපට බෙදාහරින්නන්ගේ සංගම්වල නියෝජිතයෝ සහ සංස්ථාවේ සේවක මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.