වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
පදවැලට ඉල්ලූමක්

අපට සිටින දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයකු වන දර්ශන රුවන් දිසානායකගේ මුහුණු පොතේ මේ දිනවල එහාට මෙහාට හුවමාරු වන පද වැලක් තිබුණා. එනිසා රුවන්ට මේ දිනවල ලැබෙන ප‍්‍රතිචාර අඩුවක් නැතිබවයි කියවෙන්නේ. ඒ අතර සමහරු සිංහල භාෂාවේ මහාප‍්‍රාණ අකුරු යොදාගෙන වචනත් කියනවාලූ. මොනාවවුණත් මේ ලියවුණ පද වැල් නම් අපූරුයි.
නොතිබුණේ නම් කටහඬක්
බුදුන්ටත්
ජීසස්ටත්
ගැලීලියෝටත්
ඉතිරි වේවි ද ලෝකයක්
මිනිසුන්ට සත්‍යවාදීව හිතන්න......
නොතිබුණේ නම් කටහඬක්
වික්ටර් හාරා ටත්
බොබ් මාලෙටත්
මයිකල් ජැක්සන්ටත්
ඉතිරි වේවිද ලෝකයක්
මිනිසුන්ට ආදරයෙන් ඉන්න.......
නොතිබුණේ නම් කටහඬක්
සියටෙල්ලාටත්
තාගෝර්ලාටත්
සේකරලාටත්
ඉතිරි වේවිද ලෝකයක්
මිනිසුන්හට සොබාදහම එක්ක.....