දැඩි ක‍්‍රිකට් පුහුණුව

අගෝස්තු 4, 2022

 
 නවක නිළියක ලෙස ජාන්වි කපූර් ඇගේ චිත‍්‍රපට තේරීම් සමඟ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වී සිටී. ඇය මේ වන විට ගුන්ජන් සක්සේනා, ධඩක්, රූහි, ගුඞ් ලක් ජෙරී වැනි පුළුල් පරාසයක චිත‍්‍රපට තෝරා ගැනීමට ප‍්‍රසිද්ධය. ඇය නැවතත් රිදී තිරයට පැමිණෙන්නේ රාජ්කුමාර් රා ඕ සමඟින් මිස්ටර් ඇන්ඞ් මිසිස් මහී චිත‍්‍රපටයෙනි.
 
 මිස්ටර් ඇන්ඞ් මිසිස් මහී යනු ක‍්‍රීඩා චිත‍්‍රපටයක් වන අතර එය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තේමා කොට ගෙන තිබේ. මේ වන විට බොලිවුඩයෙන් වාර්තා වන්නේ ජාන්වි මේ චිත‍්‍රපටය සඳහා දැඩි පුහුණුවක් ලබා ඇති බවයි. පසුගියදා සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඇය කියා සිටියේ ක‍්‍රිකට් පුහුණුවීම් ‘විඩාපත් ක‍්‍රියාවලියක්‘ බවයි. එහිදී ජාන්වි පැවසුවේ, ”‍චරිතයට ඇතුළු වී එය නිරූපණය කිරීම මාස හයක සම්පූර්ණ ක‍්‍රියාවලියක්”‍ බවයි.
 
 මේ වන විට ජාන්වි ක‍්‍රිකට් පිතිකරණයේ සිට ඉරියව් ඔස්සේ ක‍්‍රීඩකයකුගේ ශරීර භාෂාව අවබෝධ කර ගැනීම දක්වා දැඩි පුහුණුවක නිරත වී ඇත. ක‍්‍රීඩිකාවකගේ කඩිසර බව නිරූපණය කිරීම සඳහා දැඩි ප්‍රෝටීන් අධික ආහාර වේලක් ද පවත්වාගෙන යාමට ඇයට සිදු වී ඇත. මෙම චිත‍්‍රපටය මේ වසරේ ඔක්තෝබර් මස තිරගත කිරීමට නියමිත වේ.