පළමු තේරීම

අගෝස්තු 4, 2022

 
 ”‍ටිප ටිප බර්සා පානි”‍ ගීතය බොලිවුඩයේ ජනප‍්‍රියතම ගීත අතරින් එකකි. මෑතකදී තිරගත වූ සූර්යවංශි චිත‍්‍රපටයේදී කත‍්‍රිනා කයිෆ් සහ ආක්ෂේ කුමාර්ගේ රංගනයෙන් එහි ප‍්‍රතිනිර්මාණයක් දැක ගත හැකි විය. ”ටිප ටිප බර්සා පානි”‍ ගීතය ඇතුළත් වූයේ 1994 වසරේ තිරගත වූ නසරුදීන් ෂා, ආක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි සහ රවීනා රංගනයෙන් දායක වූ මොහ්රා චිත‍්‍රපටයේය. උදිත් නාරායන් සහ අල්කා යාග්නික් ගායනා කළ ”ටිප ටිප බර්සා පානි”‍ ගීතයට නර්තයේ යෙදුණේ ආක්ෂේ කුමාර් සමඟ රවීනා තන්දන්ය. නමුත් ආක්ෂේ කුමාර් සමඟ මොහ්රා චිත‍්‍රපටයේ පළමු තේරීම වූයේ රවීනා නොව දිව්‍යා භාර්ති නමුත් ඇගේ අකල් වියෝවෙන් එය සැබෑ කර ගැනීමට නොහැකි සිහිනයක් බවට පත් විය.
 
 ආක්ෂේ සමඟ මොහ්රා චිත‍්‍රපටය සඳහා මුලින් අත්සන් තැබූයේ දිව්‍යා භාරතීය. එපමණක් නොව, ඇය දින පහක් චිත‍්‍රපටයේ රූගත කිරීම් පවා කර තිබුණ ද ඉන්දීය සිනමාව කම්පා කරවමින් සිදු වූ ඇයගේ අවාසනාවන්ත වියෝවෙන් එම ස්ථානය රවීනා තන්දන් වෙත හිමි විය. එහිදී රවීනා ”ටිප ටිප බර්සා පානි”‍ ගීතයට බිය වී තිබුණි. ඒ ඇගේ පියා (චිත‍්‍රපට අධ්‍යක්ෂ රවී තන්දන්) එය අගය නොකරනු ඇතැයි ඇයට හැඟු‍ණු බැවිනි. සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින්, මොහ්රා චිත‍්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරු සහ තිර රචක ෂබීර් බොක්ස්වාලා හෙළි කළේ, ”‍රවීනා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ රජීව් මුණගැසී තිබුණා. එය හොඳ චිත‍්‍රපටයක් බව ඇය දැන සිටි නමුත් ”‍ටිප ටිප බර්සා පානි”‍ ගීතය ගැන ඇය සිටියේ බියෙන්. ඇය කීවේ පියා එය අගය නොකරනු ඇති බවයි. ඒ වෙලාවේ රජීව් සිනාසෙමින් කිව්වේ ‘ඔයාගෙ තාත්තට ෆිල්ම් එක පෙන්නන්න එපා‘ කියලයි”‍ යනුවෙනි