වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
රිදම් නයිට් 06 වැනිදා
අට වැනි වරට S K Event වෙනුවෙන් සමන් කුමාර සංවිධානය කරන පර්පල් රෙන්ජ් රිදම් නයිට් සංගීත ප්‍රසංගය එළඹෙන අගෝස්තු 06 වැනි දින ඩුබායි අල් නසර් ලෙසර් ලෑන්ඞ්හිදී පැවැත්වේ. ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිර්මාණ කාර්ගො වෙනුවෙන් චමින්ද ලසන්ත D.k Event Al Bedayer, AKS, CLM, Royal Trips, DVA අනුග්රහකයන් ලෙස එක්වෙති. සහය සංවිධායක අකිල ජයරත්න සහ චන්දන වහින්දරයි. DK Event ඉන්දික කාරියවසම් රිදම් නයිට් ප්‍රසංගය වෙනුවෙන් මෙවරද නොමසුරු සහයොගයක් ලබාදෙයි. මෙවර මාධ්‍ය සත්කාරය Arrow Media සිදු කරන අතර, චාමර වීරසිංහ, නිලාන් හෙට්ටිආරච්චි, උදාර කෞශල්‍ය, විශ්ව ප්‍රභාත්, පාලි බග්‍රා, ටිරොන් මද්දුමගේ, කාංචනා පීරිස්, කුෂි අමරසිංහ, හර්ෂ කේ. ජී එදින ප්‍රසංගය ගීතවත් කරනු ඇත. කථනය ජගත් නාත්තන්ඩි ගෙනි.