ජැක්සන්ට ඉක්මන් සුවය පතා බෝධි පූජාවක්

අගෝස්තු 4, 2022

කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනි ප‍්‍රවීණ කලාකරුවාණන්ට ඉක්මන් සුවය පතා බෝධි පූජා පින්කමක් පසුගියදා පැවැත්විණි.


ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් ප‍්‍රමුඛ රාජ්‍ය මාධ්‍ය ආයතන එක්වී මේ පින්කම පසුගිය 31 දා ගංගාරාම විහාරස්ථානයේදී ගංගාරාම විහාර අධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක මොහාන් සමරනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් පාලන රුවන් සත්කුමාර, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ, සැලසිනෙ සභාපති හරිත් ගුණවර්ධන, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත‍්‍රී, මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, දිනමිණ ප‍්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්, ඬේලිනිව්ස් ප‍්‍රධාන කර්තෘ ජයන්ත ශී‍්‍ර නිශ්ශංක, මෙහෙයුම් කළමනාකරු ගයාන් බණ්ඩාර යන මහත්වරු ද මීට සහභාගි වූහ. ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක, ඒ.ඞී.රන්ජිත් කුමාර, රේණුකා බාලසූරිය, යශෝධා විමලධර්ම හා ධනංජය සිරිවර්ධන ඇතුළු කලාකරුවන් රැසක් සහ ජැක්සන් ඇන්තනී කලාකරුවාට ආදරය කරන රසිකයන් විශාල පිරිසක් මේ බෝධි පූජා පින්කමට සහභාගි වූහ.