වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
ප්‍රවීණ ඇගැයුම්

කසුන් පතිරණ විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්විණි. මෙය දෙමටගොඩ රීගල් නව සිනමා ශාලාවේ පැවැත්වූ අතර, එහිදී කසුන් ආරාධිත අමුත්තා ලෙස ආරාධන කොට තිබුණේ මෙහි රඟගන ප්‍රවීණ නළු ඩබ්ලිව්. ජයසිරිටය. එහි ප්‍රධාන නිළිය යුරේනි නොෂිකාය. ඇය විසින් ඩබ්ලිව්. ජයසිරිගේ ගෙලට මල් මාලාවක් දමා පිළිගන්නා ලදී. ජයසිරි විසින් නැවත එය ප්‍රධාන නළු කලණ ගුණසේකරගේ ගෙලට දමන ලදී. මෙය ප්රවීණයකුගෙන් නවක නළුවකුට ලැබුණ ඉහළ පිළිගැන්මකි. ජයසිරි වැනි ප්‍රවීණයන් අගය කළ යුතු බව කලණත් යුරේනිත් පැවසූහ.