වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
කේ. ඞී ගේ විසිපස් වසරක සැමරුම

ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ, චිත‍්‍රපට අධ්‍යක්ෂක කේ. ඞී දයානන්ද පසුගිය දිනක ඔහුගේ මුහුණු පොතේ කළු සුදු සේයාරුවක් පළ කරලා තිබුණා. කේ. ඞී දයානන්ද සමඟග එහි දක්නට ලැබුණේ මෙරට සිනමාවේ ප‍්‍රමුඛ පෙළේ කැමරා අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකි. (ඩබ්ලිව්.ඒ.බී ද සිල්වා, එම්.එස්.ආනන්දන්, ඇන්ඩෲ ජයමාන්න, ඩොනල්ඞ් කරුණාරත්න හා ඩැනී.ඩබ්ලිව් පතිරණ) එහි සිටින පස්දෙනාගෙන් ඡුායාරූපයේ සිටින එම්.එස්.ආනන්දන්, ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා හා ඇන්ඩෲ ජයමාන්න දැයෙන් සමුගෙන ඇත. කේ.ඞී.දයානන්ද මේ ඡුායාරූපයේ විසිපස් වසරක සැමරුම සටහන් කරමින් ඩොනල්ඞ් කරුණාරත්නට හා ඩැනී. ඩබ්ලිව් පතිරණයන්ට දැක බලාගැනීමට මුහුණු පොතට එක්කොට ඇත. එදා චිත‍්‍රපට සංස්ථාව මඟින් ආධුනික ශිල්පීන්ට පැවැත්වූ කැමරාකරණය හා සිනමාකරණය පිළිබඳ පාඨමාලාවකදී මේ ප‍්‍රවීණ ශිල්පීන් ඔවුන්ගේ දැනුම බෙදා දුන් අයුරුයි මේ ඡුායාරූපයේ දැක්වෙන්නේ්. එදා දැනුම ලබාගත් ආධුනිකයෝ අද අධ්‍යක්ෂකවරු, ප‍්‍රධාන ධාරාවේ කැමරා අධ්‍යක්ෂකවරු, ප‍්‍රධාන පෙළේ නිෂ්පාදකවරු බවට පත්වී සිටිති. මේ සියලූම ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරුන්ට මේ සේයාරුව රන් මිණි මුතු මැණික් ඇල්ලූ ආභරණයක් බඳු විය.