ඇළක් දකින විට තරු පේනවා

ජූලි 28, 2022

මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප‍්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් තිබිල තියෙන්නෙ යෝධ ඇළේ. එය දිය නාන දර්ශනයකි. රජරට ප‍්‍රදේශයේ උපන් මේධාට ඇළ, දොළ, ගංගා, වැව්වල පීනලා දිය බුං ගැසීම එතරම් අරුමයක් නොවෙයි. රූපගත කිරීමට මත්තෙන් අධ්‍යක්ෂකවරයා මේධාට උපදෙස් මාලාවක් දී තිබෙනවා. එය පිළිගත් මේධා මෙය රූපගත කිරීමේ අභියෝගය භාර ගත්තාය.

 

”ගම් ප‍්‍රදේශයට ආපුවාම දිය රෙද්ද ඇඳගෙන නෑම ජීවිතේ එක් කොටසක් බවයි, දර්ශන තලයේදී හැමෝටම මේධා ජයරත්න සුපුරුදු සිනහව පාමින් කියා ඇත්තේ. කොහොම වෙතත් කලා අධ්‍යක්ෂකවරයා දුන් දිය රෙද්දක් ඇඳගෙන මේධා යෝධ ඇළට බැහැලා තියෙනවා. ඇළට බැහැලා තප්පර ගානක් යන්නට මත්තෙන් මේධාට තේරිලා තියෙනවා ජල පහර ඉතාම සැරින් ඇදීගෙන එන බව හා ඇගේ ශරීරයද සීතල වී ගොස් ඇති බව.

 

ජල පහරේ වේගයට ඇය ඇඳගෙන හිටපු දිය රෙද්ද කඩාගෙන ඇළේ ගහගෙන ගියා. දර්ශන තලයේ සිටින සියලූ‍ දෙනා ඈ දෙස බලා සිටින නිසාත් කිසිවක් කර කියාගත නොහැකි වුණු මේධා එකපාරටම ජලයෙන් යටට ගියා. මෙය දුටු සියලූ‍ දෙනා බිය වී කළ යුතු ඊළඟ දෑ ගැන සිතමින් එහෙට මෙහෙට දුවන්න වෙලා කියලයි ආරංචිය. කොහොම වෙතත් ළඟ හිටපු කෙනෙකුගේ තුවායක් තිබිලා මේධාට විසි කරලා තියෙනවා. තුවාය පිහිටෙන් කොහොම හරි මේධා එදා නොකී දෙවිවරුන්ගේත් නම් කියමින් ඇළෙන් ගොඩ වෙලා. එහි හොඟදම කොටස වන්නේ කලා අධ්‍යක්ෂකවරයාට ඉදිරියට අවශ්‍ය වන දිය රෙද්දක් තමයි දිය නෑමට දීලා තිබෙන්නේ. ඉන් පස්සේ අපිට ආරංචි වුණු විදියට සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් යෝධ ඇළේ පිනා ගොස් දිය රෙද්ද නැවත අරන් ආ බවයි ආරංචිය. එදායින් පසු මේධා ජයරත්නට ඇළ දොළ දකින හැම විටම තරු පෙනෙනවා කියලයි ආරංචිය.