රූසෝ සොයුරන්ට ගුජරාටි භෝජන සංග‍්‍රහයක්

ජූලි 28, 2022

  
 මීට දින කිහිපයකට පෙර ඉන්දීය සිනමාවෙන් හොලිවුඩයට ගිය ධනුෂ් ගැන කතා බහ වූයේ ‘ද ගේ‍්‍ර මෑන්‘ චිත‍්‍රපටය සමඟිනි. ධනුෂ් එහි අවික් සාන් නැමති ඝාතකයකුගේ චරිතයට පණ පොවන්නේය. ජුලි 15 වැනිදා සිට තිරගත වීම ඇරඹි ‘ද ගේ‍්‍ර මෑන්‘ අමෙරිකානු ක‍්‍රියාදාම ත‍්‍රාසජනක චිත‍්‍රපටය ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයකි. මෙම චිත‍්‍රපටයේ විශේෂ දර්ශනයක් වෙනුවෙන් රූසෝ දෙසොහොයුරෝ පසුගියදා ඉන්දියාවට පැමිණියහ.
 
 ඉතා උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ඉන්දියාවට පැමිණි රූසෝ දෙසොහොයුරන් වෙනුවෙන් අමීර් ඛාන් විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිළිගැන්වීය. ඔහුගේ නිවෙසේ පැවති මෙම භෝජන සංග‍්‍රහයට ධනුෂ් සහ අමීර්ගේ හිටපු බිරිය කිරන් රා ඕ ද සහභාගී වූහ. අමීර් ඛාන් මෙම භෝජන සංග‍්‍රහයේදි තම අමුත්තන්ට ප‍්‍රණීත ගුජරාටි ආහාරවලින් සංග‍්‍රහ කළේය. ඔහු ඒ වෙනුවෙන් ගුජරාටයේ ප‍්‍රදේශ රැසකින් විවිධ සාම්ප‍්‍රදායික කෑම වර්ග පිසීමේ විශේෂඥ සූපවේදීන්ට ආරාධනා කර තිබුණි.