වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
අජේ සහ සූර්යාට ජාතික සම්මාන

68 වැනි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උලෙළ පසුගිය 22 වැනිදා පැවැත්වුණි. එහිදී 2020 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් සම්මාන පිරිනැමීම සිදු විය. සම්මාන උලෙළෙ පසුගිය 2021 වසරේදී පැවැත්වීමට නියමිත වුවද පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීම සංවිධායකයන්ගේ තීරණය විය. මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා වෙනුවෙන් වූ සම්මානය සූරියා සහ අජේ දේව්ගන් වෙත පිරිනැමුණි.
අජේ, ‘තණ්හාජි :ද අන්සන්ග් වොරියර්‘ හින්දි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මානයට පාතු විය. මරාති රණශූරයකු පිළිබඳ ඓතිහාසික වීර කාව්‍යයක් වන අතර එය ජනප්‍රිය චිත්‍රපටය සඳහා වන සම්මානය ද දිනා ගත්තේය. දෙමළ චිත්‍රපටයක් වන ‘සූරරායි පොට්රු‘ හි වාණිජ ගුවන් සේවා නිර්මාතෘවරයකුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් සූරියා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. ‘සූරරායි පොට්රු‘ හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙසද සම්මානයට පාත්‍ර විය. එහි රංගනයෙන් එක් වූ අපර්ණා බාලමුරලි හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. හොඳම කුලූඳුල් අධ්යක්ෂණයට හිමි සම්මානය හිමි වූයේ මැඩෝන් අශ්වින් අධ්‍යක්ෂණය කළ ‘මැන්ඩෙලා‘ දෙමළ චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතයට පණ පොවන ලද්දේ යෝගි බාබු විසිනි.