හොලිවුඞ් නොගිය හේතුව

ජූලි 28, 2022


 
 මේ වන විට බොලිවුයේ තරු කිහිප දෙනෙක්ම හොලිවුඩයට ගොස් සිටිති. ඒ අතර සිටින නවතම තරුව වන්නේ ආලියා භාත්ය. හොලිවුඩයට පිවිසීමට ප‍්‍රමාද ඇයි දැයි වරෙක මාධ්‍යවේදියෙක් ශාරුක් ගෙන් විමසා සිටියේය. එවිට ඔහු පවසා සිටියේ ලොව පුරා රසික ආදරය සම`ග බොලිවුඩයේ සාර්ථකත්වය තිබෙන නමුත් තමා හොලිවුඩයේ වැඩ කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි.
 
 මෙම සිදුවීම වාර්තා වූයේ 2008 වසරේ බර්ලින් සිනමා උලෙළේදීය.
 
 ”‍මගේ ඉංග‍්‍රීසි හොඳ නැහැ. කතා නොකරන ගොළු චරිතයක් මට දුන්නොත්, සමහරවිට එහෙම වෙන්න පුළුවන්. මම නිහතමානී වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මගේ වයස අවුරුදු 42 ක්. ඒ වගේම මම ටිකක් දුඹුරු පාටයි. මම කුං ෆු දන්නේ නැහැ. මම සල්සා නටන්නේ නැහැ. මගේ උසත් මදි. මම මෑත කාලීන යුරෝපීය චිත‍්‍රපට නැරඹුවා. ඇත්තටම මට එහි තැනක් නැහැ. මම කැමැතියි දිගටම ඉන්දියාවේ වැඩ කරලා ඉන්දීය සිනමාව ලෝකයට ගෙනියන්න”‍ ශාරුක්ගේ පිළිතුර විය. ඔහු වසර හතරකට පසු නැවත බොලිවුඩයට පැමිණෙන්නේ යෂ්රාජ් ෆිල්ම්ස් ගෙන එන ක‍්‍රියාදාම චිත‍්‍රපටයක් වන පතාන් සමඟිනි.